සමගි රටක් අනගි හෙටක් – සජබ මැයි රැළියට සියලු දෙනාට ආරාධනා

සමගි රටක් අනගි හෙටක් – සජබ මැයි රැළියට සියලු දෙනාට ආරාධනා

සමගි ජන බලවේගයේ මැයි දින රැළියට සියලු කටයුතු සූදානම් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

අද (28) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා

”සමගි රටක් අනගි හෙටක්” තේමාව යටතේ මෙවර මැයි දින රැළිය පැවැත්වීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා සියලු දෙනාට ආරාධනා කරන බව ද ඔහු එහිදී සඳහන් කළා

ඒ සඳහා ලක්ෂයකට අධික පිරිසක් සහභාගී වීමට නියමිත බව ද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ අනුව සමගි ජනබලවේගයේ මැයි රැළිය කොළඹ කොටුවේ චැතම් වීදියේ පැවැත්වීමට කටයුතු කර ඇති අතර මැයි දිනපෙළපාලිය ගුණසිංහපුර ක්‍රීඩාංගණයෙන් දවහල් 01 ට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ

Share This