හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

හෙට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළට

උතුරු, උතුරු-මැද, සබරගමුව, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (29) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම ඉතා වැදගත් බවයි.

එමෙන්ම එළිමහනේ කටයුතු කරන පිරිස් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, මෙන්ම වැඩිහිටියන් සහ කුඩා දරුවන් පිළිබඳ අවධානය යොමු කරන ලෙස ද එම නිවේදය දැක්වෙනවා

 

Share This