වසර 11කට පසුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලැබූ ජය

වසර 11කට පසුව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලැබූ ජය

ජාත්‍යන්තර පාපන්දු තරගයකින් වසර 11කට පසුව භූතානය පරාජය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ කොළඹ තුරඟ තරග පිටියේ දී ඊයේ (25) රාත්‍රීයේ පැවති තරගයේ දීයි.

තරගයේ පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකම ගෝල රැස් කිරීමට සමත් වුණේ නැහැ.

කෙසේවෙතත් තරගයේ දෙවන අර්ධයේ 45 වන විනාඩියේ දී ශ්‍රී ලංකාව ගෝලයක් රැස් කිරීමට සමත් වූ අතර අනතුරුව 54 වන විනාඩියේ දීද ඔවුන් ගෝලයක් රැස් කර ගත්තා.

ඒ අනුව මෙම තරගය නිමාවට පත් වුණේ ශ්‍රී ලංකාව ගෝල 2-0ක් ලෙස ජය වාර්තා කරමින්.

 

 

 

Share This