ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි වෙනස්කම් අධ්‍යනයට කණ්ඩායම් දෙකක්

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලෙහි වෙනස්කම් අධ්‍යනයට කණ්ඩායම් දෙකක්

ලෝක වෙළඳපොළ සහ එහි ඉන්ධන මිල ආශ්‍රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා කණ්ඩායම් දෙකක් මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසනවා

අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔවුන් විසින් සිදුකළ  අධ්‍යයනයන් මඟින් මේ වන විට ඩොලර් මිලියන ගණනක් රටට ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බවයි

එමෙන්ම ලෝක වෙළඳපල තත්ත්වයන් සහ ඒ තුළ ඉන්ධන මිල ගණන්වල සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව හඳුනාගෙන, ඉදිරි මාස 06ක් සඳහා අවශ්‍ය ඉන්ධන මිල දී ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා තිබෙනවා.

ඒ අනුව ලබන 30 වනදා සහ මැයි 13 වනදා තවත් මාස දෙකකට අවශ්‍ය ටෙන්ඩර් ඉදිරිපත් කරන අතර ඒ අනුව 2024 වසරට අවශ්‍ය ඉන්ධනවල වාරික සම්පූර්ණ කිරීම අවසන් වන බව සඳහන්

කෙසේ වෙතත් මේ වන විට මාසයකට අවශ්‍ය අතිරික්ත ඉන්ධන තොග පවත්වාගෙන යන අතර මාසයකට අවශ්‍ය කරන ඉන්ධන මිල දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් සංචිතයක් ද පවත්වාගෙන යන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ

 

Share This