කොන්ත්‍රාත් පදනමින් ලංගමයේ සේවය කළ රියදුරු සහ කොන්දොස්තරවරුන්ට ස්ථිර පත්වීම්

කොන්ත්‍රාත් පදනමින් ලංගමයේ සේවය කළ රියදුරු සහ කොන්දොස්තරවරුන්ට ස්ථිර පත්වීම්

2018 වසරේ සිට කොන්ත්‍රාත් පදනම යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කළ රියදුරු සහ කොන්දොස්තරවරුන් 1605 දෙනෙකු උදෙසා ස්ථීර පත්වීම් ලබා දීමේ සමාරම්භක වැඩසටහන පැවැත්වූවා.

ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණා.

එහිදී සංකේතාත්මක වශයෙන් 100කට අධික පිරිසකට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය සිදුවූ අතර සියලුම ස්ථිර පත්වීම්ලාභීන්ගේ ලිපි මේ වන විට සූදානම් කොට ඇති බව සඳහන්.

Share This