මෙරට නිල සංචිත ඉහළට

මෙරට නිල සංචිත ඉහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

ඒ අනුව 2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මූල්‍ය හුවමාරු එකඟතාවක් යටතේ චීනය විසින් සපයා ඇති ඩොලර් බිලියන 1.4ද ඊට ඇතුළත්.

2021 ජනවාරි මාසයෙන් පසු වාර්තා වු වැඩිම සංචිත ප්‍රමාණය මෙය වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This