මහ බ්‍රහස්පතින්දා බන්ධනාගාරයේ කාන්තාවන්ගේ පාද දෝවනය කළ සුදතුම් පියාණන්

මහ බ්‍රහස්පතින්දා බන්ධනාගාරයේ කාන්තාවන්ගේ පාද දෝවනය කළ සුදතුම් පියාණන්

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ(28) මහ බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සමගාමීව රෝමයේ බන්ධනාගාරයක කාන්තාවන් 12 දෙනෙකුගේ පාද දෝවනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය මහ බ්‍රහස්පතින්දා වාර්ෂික දේව මෙහෙය අතරතුර පාප් වහන්සේ විසින් කාන්තාවන් 12 දෙනෙකුගේ පමණක් පාද දෝවනය කළ පළමු අවස්ථාව වනවා.

87 හැවිරිදි පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් මට්ටමක තිබියදීත් රෝමයේ රෙබිබියා බන්ධනාගාරයේ පැවති මහ බ්‍රහස්පතින්දා දේව මෙහෙයට සහභාගී වී තිබෙනවා.

ඔහු රෝද පුටුවේ සිට සෑම කාන්තාවකගේම පාද සේදූ අතර, එම කාන්තාවන් පාප් වහන්සේ ඔවුන්ගේ පාද සේදූ අවස්ථාවේ සංවේදී වී කඳුළු සලමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාද සේදීමේ චාරිත්‍රය පාස්කු ඉරිදාට පෙර බ්‍රහස්පතින්දා සිදුවන අතර ජේසුස් වහන්සේ මිය යාමට පෙර රාත්‍රියේ ඔහුගේ ගෝලයන්ගේ පාද සේදීම මතක් කිරීමට උත්සාහ උත්සහ කරනවා.

ෆ්‍රැන්සිස් පියාණන් පාප් වහන්සේ ලෙස තේරී පත්වූ දා සිට මෙම උත්සවය වතිකානු භූමියෙන් පිටතට ගෙන ගොස් සිරකරුවන්, සරණාගතයින් සහ ආබාධිත පුද්ගලයින්ගේ පාද සේදීමෙන් මහ බ්‍රහස්පතින්දා පාද දෝවනය සැමරීම ඉතාම විශේෂ අංගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This