පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 21 සිට 24 දක්වා රැස්වෙයි

පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වනදා පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ නව සභාවාර‍යට අදාළ පළමු රැස්වීමේදී මේ තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ.

Share This