ගාසාහි මිය ගිය මවකගේ කුසෙන් බේරාගත් බිළිඳා මිය යයි

ගාසාහි මිය ගිය මවකගේ කුසෙන් බේරාගත් බිළිඳා මිය යයි

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු ගාසා රෝහලකදී මියගිය මවකට සිදු කළ සිසේරියන් සැත්කමකින් මෙලොව එළිය දුටු දරුවා මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සති 30 ක ගැබිනියක් වූ දරුවාගේ මව රෆාහි එමිරාටි රෝහලේදී බරපතල තුවාල ලබා තිබීම හේතුවෙන් මිය ගිය බවයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රීයේ ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි නගරයක් වන රෆා ප්‍රදේශයට ඊශ්‍රායල ප්‍රහාරය එල්ල කිරීමෙනුයි ඇය තුවාල ලබා තිබුණේ

කෙසේ වෙතත්, දරුවාට ශ්වසන ආබාධ සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබූ බවයි එම රෝහලේ හදිසි නව ප්‍රසව ඒකකයේ ප්‍රධානී පවසා ඇත්තේ

Share This