ධීවර බෝට්ටු අනතුරකින් පුද්ගලයෙකු මරුට

ධීවර බෝට්ටු අනතුරකින් පුද්ගලයෙකු මරුට

සිලාවතුර, ආරිප්පු ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් හා මුහුදු බෙල්ලන් අල්ලමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතින් ධීවර බෝට්ටුවක් ගමන් කිරීමෙන් ඔහු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා සිලාවතුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ 39 හැවිරිදි සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

මිය ගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයින් 05 දෙනෙකු ආරප්පු මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර 07ක් පමණ දියබට ගොස් කිමිදෙමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටින අතරතුරදී එම ස්ථානයෙන් ගමන් ගත් ධීවර බෝට්ටුවක අවර පෙත්තේ හිස වැදී මෙම අනතුර සිදුව ඇති බවටයි සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ

සිද්ධිය සම්බන්ධයෙන් ධීවර බෝට්ටුව පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා

Share This