අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි

අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි

අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේවෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබෙනවා.

ඒ අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී යි

අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ

රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී ඇලෙක්සිස් ටේලර් මහත්මියව දැනුවත් කළ අතර මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පුරපුර ආකර්ශණය කර ගැනීම එහි ප්‍රමුඛ අරමුණක් බවද සඳහන් කර තිබෙනවා

ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබා දෙන බවට උප ලේකම්වරිය ඇතුළු එක්සත් ජනපද නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිවරයා වෙත සහතික වී ඇති බව සඳහන්

 

Share This