දකුණු අප්‍රිකාව සමග තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරදී

දකුණු අප්‍රිකාව සමග තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරදී

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පරාජයට පත් වීමට සිදු වුණා.

ඒ, කඩුලු 7කින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 229ක් ලබා ගත්තා.

ලකුණු 230ක ජයග්‍රාහී ඉලක්කයක් හැබෑ ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

Share This