ජනගහනය  වර්ධනය අඩුවූ ආසියානු රටක්

ජනගහනය වර්ධනය අඩුවූ ආසියානු රටක්

චීනය විසින් අලුතින් නිකුත් කරන ලද ජන සංඛ්‍යාලේඛනවලට අනුව 2021 වසරේ දී එහි පළාත්වලින් තුනෙන් එකක පමණ ජනගහන වර්ධනය කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.

එම පළාත් 13 අතරට ෂැංහයි, ජියැංසු සහ ටියැන්ජින් යන ධනවත් පළාත් ද අයත්වීම විශේෂත්වයක්.

හෙයිලොන්ජියන් පළාතේ, පසුගිය වසරේ පුද්ගලයින් 1,000කට උපත් 3.59ක් වාර්තා වී ඇති අතර එය ඕනෑම පළාතකින් වාර්තා වී ඇති අඩුම උපත් ප්‍රතිශතයයි.

පුද්ගලයන් 1,000කට මරණ 8.7ක් ලෙස ඉහළම මරණ අනුපාතයක් ද එහි වාර්තා වී තිබෙනවා.

නිල දත්ත පෙන්නුම් කරන්නේ පසුගිය වසරේ චීනයේ ජනගහනය 480,000 කින් වර්ධනය වී ඇති බව වන අතර එය 1962 සිට එරට තුළ වාර්තා වී ඇති අවම ජනගහනය වර්ධනයයි.

එය 2020 දී වාර්තා වූ මිලියන 2.04 ජනගහන වර්ධනය කැපී පෙනන ලෙස පහත බැසීමක්.

චීන මව්වරුන් 2021 දී ළදරුවන් මිලියන 10.62 ක් පමණක් බිහි කර ඇති අතර එය 2020ට සාපේක්ෂව එය සියයට 11.5 ක අඩුවීමක් වනවා.

Share This