ගෝලීය සති සමුළුව ලබන 3 සහ 4 නාගානන්ද ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ දී

ගෝලීය සති සමුළුව ලබන 3 සහ 4 නාගානන්ද ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ දී

මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක සතිමත්බව අභ්‍යාස කිරීමේ වැඩසටහනේ තීරණාත්මක ඉදිරි පියවරක් ලෙස ගෝලීය සති සමුළුව ලබන මැයි 3-4 දෙදින තුළ මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වෙනවා.

පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේගේ හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපාසල් පදනම හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්වයි මෙය සංවිධානය කර ඇත්තේ

මෙම ජාත්‍යන්තර සමුළුවට යුරෝපා රටවල් ඇතුළු බොහෝ රටවල පිහිටුවා ඇති සති පාසල් සංවිධානවල නියෝජිතයන් සහභාගී වනවා

පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේගේ සංකල්පයකට අනුව නිර්මාණය වී ඇති සතිමත්බව අභ්‍යාස කිරීමේ වැඩසටහන මගින් සතිය හෙවත් සිහිය ඉතා නිර්මාණශීලී ව හා ආකර්ෂණීය ලෙස තම ජීවිත සමග බද්ධ කරගෙන ජීවිතයේ මුහුණ පෑමට සිදු වන සියලු ම ප්‍රශ්නවලට පිළිතුරක් ලෙස එම සිහිය පවත්වාගෙන යෑමේ ක්‍රමවේදය පාසල් සිසුන්ට හඳුන්වා දීම මෙහි මූලික අරමුණක්

ඒ අනුව www.satipasala.org වෙබ් පිටුවට පිවිස ලියාපදිංචි වී මේ සදහා සම්පූර්ණයෙන්ම නොමිලේ ඔබටත් එක් විය හැකියි

Share This