රග්බි ශූරතාවලියේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

රග්බි ශූරතාවලියේදී ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

2024 ආසියානු පළමු කොටසේ රග්බි ශූරතාවලියේ ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් වාර්තා කර තිබෙනවා.

රග්බි ශූරතාවලියේ 2024 ආසියානු පළමු කොටස කොළඹ තුරග තරග පිටියේදී ඊයේ(30) ආරම්භ වුණා.

වසර 11කට පසුව ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ජාත්‍යන්තර රග්බි තරගාවලිය මෙය බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ.

එහි දෙවැනි තරගයේදී සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව තරග කළ අතර ශ්‍රී ලංකාව පළමු අර්ධය අවසානයේදී ලකුණු 21ට 3ක් ලෙස ඉදිරියෙන් සිටියා

ශ්‍රී ලංකාව දෙවන අර්ධයේදී ලකුණු 24ක් රැස් කළා.

ඉන්දීය කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 7ක් පමණි.

ඒ අනුව ලකුණු 45ට 10ක් ලෙස ඉන්දීය කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

Share This