තෙල් මිල අඩු වුණාට බස් ගාස්තු අඩු කරන්න ප්‍රමාණවත් නෑ – ගැමුණු විජේරත්න

තෙල් මිල අඩු වුණාට බස් ගාස්තු අඩු කරන්න ප්‍රමාණවත් නෑ – ගැමුණු විජේරත්න

ඉන්ධන මිල පහළ ගියද මෙම ඉන්ධන මිල සංශෝධනය බස් ගාස්තු සංශෝධනයක් සඳහා ප්‍රමාණවත් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව පසුගිය දා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයේ ප්‍රමාණය ගණනය කළ නොහැකි බවයි ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව වාර්ෂික ගාස්තු සංශෝධනය ගණනය කිරීමේදී ජූලි මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් ගැන සලකා බලන බව ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Share This