කෝටි එක හමාරකට අධික වටිනාකමකින් යුත් ගංජා  විනාශ කෙරේ

කෝටි එක හමාරකට අධික වටිනාකමකින් යුත් ගංජා විනාශ කෙරේ

තණමල්විල, අරඹෙකෙම ප්‍රදේශයේ බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් විසින් සිදු කල හදිසි වැටලීමකදී ගංජා හේනක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ගංජා වල වටිනාකමක රුපියල් කෝටි එක හමාරකට අධික බවයි පොලිසිය සඳහන් කරන්නේ

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි තුනක පුද්ගලයකු වන අතර ඔහු ඉදිරි විමර්ශන සදහා තණමල්විල පොලිසිය වෙත භාර දී තිබෙනවා.

සියලුම ගංජා ගස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ගිනි තබා විනාශ කළ බවයි පොලීසිය පැවසුවේ .

 

 

Share This