ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවයි – කොදෙව්වන්ට 348ක ඉලක්කයක්(Update)

ශ්‍රී ලංකාව ඉනිම අත්හිටුවයි – කොදෙව්වන්ට 348ක ඉලක්කයක්(Update)

මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 348ක් ලබා ගත යුතු වනවා.

 

……………………………………

කොදෙව් පළමු ඉනිම නිමා වේ – ශ්‍රී ලංකාව ලකුණු 156ක් ඉදිරියෙන්

Nov 24, 2021 at 11:19

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 230ක් රැස් කර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කයිල් මේයර්ස් ලකුණු 45ක් ලබාගත් අතර ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 386ක් ලබාගත් අතර දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක මේ වනවිට පිටියට පිවිස සිටිනවා.

 

………………………..

කොදෙව් ඉනිමේ ‘අවසන් කඩුල්ල පමණක් ඉතිරිව තිබිය දී’ වර්ෂාවෙන් බාධා (PHOTOS) – Update

Nov 23, 2021 at 15:54

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය වන අද (23) කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 224ක් ලබා සිටිනවා.

වර්ෂාව හේතුවෙන් මේ වනවිට තරගය නතර කර ඇති අතර කොදෙව්වන් මේ වනවිට සිටින්නේ ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලබා ගත් ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 162ක් පසුපසිනුයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 3 බැගින් ලබා ගැනීමට සමත් වුණා.

හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ කයිල් මේයර්ස් (45) සහ හිටපු නායක ජේසන් හෝල්ඩර් (36) පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවට පහරදීමේ අවමානයෙන් කොදෙව් පිල ගලවා ගනු ලැබුවා.

…………………………………………….

කොදෙව් ශ්‍රී ලංකා පළමු තරගයේ ‘සිංහයන්’ පෑ දස්කම් (PHOTOS)

Nov 23, 2021 at 08:54

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.

ඊයේ (22) දිනය නිමා වනවිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස් කරගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රමේෂ් මෙන්ඩිස් කඩුලු තුනක් ද ප්‍රවීන් ජයවික්‍රම කඩුලු දෙකක්ද ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් ද දවා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 386ක්.

තරගයේ ලකුණු පුවරුව සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.

Share This