කාන්තා මළ සිරුරු දෙකක් නිවසකින් සොයා ගැනේ

කාන්තා මළ සිරුරු දෙකක් නිවසකින් සොයා ගැනේ

කළුතර දකුණ, ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මියගිය කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගෙන තිබෙනවා.

ඊයේ (17) රාත්‍රී කාලයේ දී නිවසක පදිංචි සිටි කාන්තාවන් දෙදෙනෙකු දින කිහිපයක සිට නොමැති බවත් එම නිවස ආසන්නයෙන් දැඩි දුර්ගන්ධයක් හමන බවටත් 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් කළුතර දකුණ පොලිසියට ලැබුණු පණිවුඩයක් මතයි අදාළ විමර්ශන ආරම්භ කර තිබුණේ

පසුව, පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ දොරගුළු දමා තිබී ඇති අතර අනතුරුව ජනේලයකින් බැලීමේ දී කාන්තාවන් දෙදෙනෙකු බිම වැටී මියගොස් සිටින බවටයි නිරීක්ෂණය කර ඇත්තේ

මෙලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 65ක් හා 79ක් වූ එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවන් දෙදෙනෙක්

මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (18) සිදු කිරීමට නියමිතයි

Share This