ක්‍රිකට් දිවියට සමු දෙන්න සැරසෙන චමරි

ක්‍රිකට් දිවියට සමු දෙන්න සැරසෙන චමරි

සිය ක්‍රිකට් සමුගැනීම ඉතා කඩිනමින් සිදුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව තැබූ වාර්තාගත ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඇය මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් එය සිදුවන දිනයක් පැවසිය නොහැකි බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චමරි අතපත්තු සඳහන් කළේ.

එමෙන්ම නායිකාව ලෙස සිය කණ්ඩායමේ දක්ෂතා ගැන ආඩම්බර වන බව ද ඇය පැවසුවා

Share This