ඩුබායි කපිලගේ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි (VIDEO)

ඩුබායි කපිලගේ කෝටි 15ක මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි (VIDEO)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැති පුද්ගලයාට අයත් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් කිලෝග්‍රෑම් 0.5 ක් සහ රුපියල් මිලියන 15ක මුදලක් ද සොයා ගෙන ඇති බව සඳහන්

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලදී සිදුකරන ලද විශේෂ වැටලිමකදීයි අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ

එම මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි පහළොවක් පමණ වන බව සඳහන්

Share This