රුසියාව හුස්ම හිරවීමේ රසායන භාවිතා කරන බවට චෝදනාවක්

රුසියාව හුස්ම හිරවීමේ රසායන භාවිතා කරන බවට චෝදනාවක්

රසායනික අවි භාවිතය තහනම් කරමින් රුසියාව විසින් යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී හුස්ම හිරවීමේ කාරක භාවිතා කරන බව අමෙරිකාව පවසනවා.

මෙය පවතින ජාත්‍යන්තර නීති උල්ලංඝණය කිරීමක් බවයි එක්සත් ජනපදය චෝදනා කරන්නේ.

රුසියාව යුක්‍රේනයට එරෙහිව යුධ පිටියේ ජයග්‍රහණ දිනා ගැනීම සඳහා හුස්ම හිරවීමේ රසායනිකයක් වන ක්ලෝරොපික්‍රින් (Chloropicrin) භාවිතා කරන බව අමෙරිකානු වාර්තා පවසනවා.

මෙම ක්‍රියාව රුසියාව අත්සන් තබා ඇති රසායනික අවි සම්මුතියට (CWC) පටහැනි බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් රුසියාවේ, ක්‍රෙම්ලිනය තවමත් අදහස් ප්‍රකාශ නැහැ.

Share This