කොලොම්බියාව හා ඊශ්‍රායලයේ තිබූ හාදකම් ඉවරයි

කොලොම්බියාව හා ඊශ්‍රායලයේ තිබූ හාදකම් ඉවරයි

ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාවන් නිසා ඊශ්‍රායලය සමග ඇති සියලුම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ දමන බව කොලොම්බියාව පවසනවා.

කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ පසුගියදා බොගෝටා හි බොලිවර් චතුරශ්‍රයේ පැවති රැලියකදී නිවේදනය කළේ, ගාසා තීරයේ ඊශ්‍රායල ආණ්ඩුව විසින් යුද්ධය හසුරුවන ආකාරය ජන සංහාරයක් බවයි.

2023 වසරේ ඔක්තෝම්බර් 7 වන දින හමාස් ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රහාර වලින් පසුව ඊශ්‍රායලය දියත් කළ ප්‍රතිප්‍රහාර මගින් 250 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද වහල්භාවයේ තබාගෙන ඇති බව සඳහන්.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වන විට යුද්ධයෙන් 34,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

Share This