හෙටින් අවසන් වන පළමු පාසල් වාරයේ දෙවන අදියර

හෙටින් අවසන් වන පළමු පාසල් වාරයේ දෙවන අදියර

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (02) අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව රජයේ අනුමත සිංහල දෙමළ සහ මුස්ලිම් පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් අවසන් වන අතර තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිතයි.

මේ අතර 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි 6 වනදා ආරම්භ වන අතර එය මැයි මස 15 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

Share This