කරඳගොල්ල නායයෑම් තත්ත්වය ගැන විධිමත් පරීක්ෂණ අරඹයි

කරඳගොල්ල නායයෑම් තත්ත්වය ගැන විධිමත් පරීක්ෂණ අරඹයි

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ පවතින නායයෑම් තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් විසින් අද (01) එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ මලිත්තගොල්ල නම් බෑවුම් සහිත ප්‍රදේශයේ නාය අවදානමක ලක්ෂණ මීට දින කිහිපයකට පෙර සිට දක්නට ලැබුණා.

උමා ඔය ව්‍යාපෘතියේ උමං මාර්ගයට ජලය පිරවීමත් සමග මෙම තත්ත්වය ඇතිවූ බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

මේ පිළිබඳව කරුණු සොයාබැලීම සඳහා පසුගියදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී තත්ත්වය පරීක්ෂා කර බැලූ ඔවුන් නායයෑමේ අවදානමට හේතු වී ඇති ජල මාර්ග වෙනත් දිශාවකට යොමු කිරීමටද පියවර ගනු ලැබුවා.

ඒ අනුව අද එම ප්‍රදේශයට පැමිණි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් එහි පරීක්ෂණ ආරම්භ කරඇති බව සඳහන්.

ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරයාද මෙම කණ්ඩායම සමග එක්වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This