භූ කම්පනයෙන් හානියට පත් යටිතල පහසුකම් යළි සංවර්ධනයට අරමුදල් අනුමත වෙයි

භූ කම්පනයෙන් හානියට පත් යටිතල පහසුකම් යළි සංවර්ධනයට අරමුදල් අනුමත වෙයි

තායිවානයේ පසුගියදා සිදුවූ භූමි කම්පාවෙන් හානියට පත්වූ යටිතල පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 878ක් එරට රජය විසින් අනුමත කර තිබෙනවා.

පසුගිය 3 වනදා රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් හටගත් අතර ඉන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 1100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණා.

භූමි කම්පාවෙන් උමං මාර්ගවලට හානි සිදුවූ අතර ගොඩනැගිලි රැසක්ද හානියට පත්වූ බව සඳහන්.

ඒ අනුව එම යටිතල පහසුකම් යථාවත් කිරීම සඳහා තායිවාන බලධාරීන් විසින් මෙලෙස අරමුදල් අනුමත කර තිබෙනවා.

Share This