පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

වරකාපොල, මොරගල්හේන ප්‍රදේශයේ පුද්ගලයෙකු මතට පස් කන්දක කොටසක් කඩා වැටී එයට යටවීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ මිය ගිය පුද්ගලයා ඉවුරක් ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අත්තිවාරමක් සකස් කරමින් සිටියදී මෙලෙස පස් කන්දකට යට වී ඇති බවයි

මෙලෙස මිය ගොස් ඇත්තේ 48 හැවිරිදි වියේ පසු වූ එලිපන්ගමුව, තෝලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

Share This