බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට එරෙහිව ජය ලැබූ ඉන්දියාව

බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට එරෙහිව ජය ලැබූ ඉන්දියාව

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 117ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 18යි පන්දු 3ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

Share This