ඉස්සෝ වගාකරුවන් දැඩි අර්බුදයක

ඉස්සෝ වගාකරුවන් දැඩි අර්බුදයක

ඉස්සෝ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා.

මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වාතාවරණයක් උදාවී ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

දැනට ඔවුන් සතුව ඉස්සන් කොටු 27,000 කට අසන්න ප්‍රමාණයක් පවතින අතර ඉන් යැපෙන පවුල් සංඛ්‍යාව 60,000 කට ආසන්නයි.

රජය විසින් මොනඩෝන නම් ඉස්සාගෙන් මෙරටදී පැටව් ලබාගැනීම තහනම් කරමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන වශයෙන් විදේශීය වෙළඳපොල ඉලක්ක කරගනිමින් ඉස්සන් වගාකරන අතර 2020 සහ 2023 වසරවලදී ඉස්සන් මෙට්‍රික් ටොන් 11,000ක් මෙරටින් අපනයනය කර තිබෙනවා.

කෙසේනමුත් එලෙස පවත්වාගෙන ආ කර්මාන්තය මේ වන විට 18% දක්වා පහත වැටී ඇති බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ.

Share This