ඉරානයෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර

ඉරානයෙන් ඊශ්‍රායලයට දැඩි ප්‍රහාර

ඉරානය විසින් ඊශ්‍රායලය වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථානවලට ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්.

ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් ද නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This