අකුණු සැර වැදී එකම පවුලේ අයියා සහ නංගී මරුට

අකුණු සැර වැදී එකම පවුලේ අයියා සහ නංගී මරුට

රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි සහෝදරයෙකු හා සහෝදරියක අකුණු සැර වැදීමෙන් මියගොස් තිබෙනවා.

ඊයේ (29) සවස් කාලයේදී ඇති වූ වර්ෂාව සමග හටගත් අකුණු සැර වැදීම හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් හා 23 හැවිරිදි තරුණයෙක්.

Share This