ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන සෙනසුරාදා

ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ලබන සෙනසුරාදා

භාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා වෙනුවෙන් රාජ්‍ය ගෞරව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය ලේකම් ප්‍රදීප් යසරත්න මහතා වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබා දී තිබෙනවා

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව ජනාධිපතිවරයා හා සර්වෝදයේ පිරිස් සමගද සාකච්ඡා කර ඇති බව සඳහන්

සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා ඊයේ (17) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසු වුණා

ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ සංකල්පයකට අනුව බිහි කළ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය දශක 06ක් පුරා මෙරට සරණක් අවැසි ජනතාවගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කළ සංවිධානයක් වනවා

Share This