අල්ලස් ගැනීමේ චෝදනාවට හිටපු පාපන්දු ලොක්කෙක් සඳහටම කූඩුවේ

අල්ලස් ගැනීමේ චෝදනාවට හිටපු පාපන්දු ලොක්කෙක් සඳහටම කූඩුවේ

අල්ලස් ගැනීමේ චෝදනාවට හිටපු පාපන්දු ලොක්කෙක් සඳහටම කූඩුවේචීන පාපන්දු සංගමයේ (CFA) හිටපු සභාපතිවරයෙකු වන Chen Xuyuan, අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජනවාරි මාසයේදී, ඔහු යුවාන් මිලියන 81 ක් (ඩොලර් මිලියන 11.2) අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇති බව සඳහන්.

ජනාධිපති ෂී ජින්පින්ගේ නායකත්වයෙන් යුත් දූෂණ විරෝධී මර්දනය මෙහෙයුමක් ක්‍රීඩාව, බැංකුකරණය සහ හමුදාව යන අංශවලට සමගාමීව ක්‍රියාත්මක කර තිබෙනවා.

එහිදී පාපන්දු ක්‍රීඩාවේදී පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් 12ක් පමණ විමර්ශන සඳහා කැඳවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මධ්‍යම චීනයේ Huangshi හි අතරමැදි මහජන අධිකරණයේ පැවති නඩු විභාගයෙන් පසු 2010 සිට 2023 දක්වා චෙන්ගේ නීති විරෝධී අල්ලස් ක්‍රියාකාරකම් අනාවරණය වුණා.

එමෙන්ම තවත් ජ්‍යෙෂ්ඨ පාපන්දු නිලධාරීන් තිදෙනෙකුට දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 8ත් 14ත් අතර සිරදඬුවම් නියම වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This