අප්‍රේල් 24 ජනතා අයිතියට පත්වන උමාඔය

අප්‍රේල් 24 ජනතා අයිතියට පත්වන උමාඔය

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත ඉදිකිරීම් මේ වන විට අවසන් වී ඇති බැවින් එය එළඹෙන අප්‍රේල් 24 වනදා විවෘත කිරීමට සැලසුම් කර ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා පවසනවා.

මෙම ව්‍යාපෘතිය 2011 වසරේ ආරම්භ කරනු ලැබූ අතර ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 514ක්.

ඉන් ඩොලර් මිලියන 450 ක් ඉරාන රජයේ ණය ආධාරයක් ලෙස ලැබීමට නියමිතව තිබූ නමුත් ඉරාන රජයට බලපෑ සම්බාධක ගැටලුව හේතුවෙන් එරට ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව තිබුණා.

කෙසේවෙතත් ඒ වන විටත් අමෙරිකානු ඩොලර් මිලියන 50ක පළමු වාරිකය ලැබී මෙම බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ බැවින් එය අතරමග නවතා නොදමා මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත එහි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන ගිය බව සඳහන්.

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීම වන අතර කෘෂිකාර්මාන්තය සහ පානීය ජලය සැපයීම ද එහි අනෙකුත් ප්‍රධාන අභිලාෂයන් අතර වනවා.

Share This