සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම වැඩි කරගත් මෙහෙයුම

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම වැඩි කරගත් මෙහෙයුම

මත් පැන් බෝතල්වල අලවන ව්‍යාජ ස්ටිකර් පරීක්ෂා කිරීම සිදු කිරීමෙන් පසු සුරාබදු දෙපාර්තමේන්තුවේ මාසික ආදායම රුපියල් බිලියනයකින් වැඩිවී ඇති බව අනාවරණය වී තිබෙනවා

එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ බව කියා සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මේ වන විට වැඩි කරගෙන ඇති ආදායම පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ අහඹු ලෙස වැටලීම් ඉදිරියට ද කරගෙන යාම ව්‍යාජ ස්ටිකර් මත් පැන් බෝතල්වල ඇළවීම තවදුරටත් අවම කිරීමට හේතු වන බවද මෙහිදී කමිටුව පෙන්වා දුන්නා

එමෙන්ම පවතින අඩුපාඩු මගහරිමින් 2024 ජනවාරි මස වන විට මෙම දත්ත පද්ධතිය ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන බව ද එහිදී නිලධාරීන් පැවසුවා

Share This