පාසල් විවෘත කිරීමට සියල්ලන්ගේ සහයෝගය අවශ්‍යයි

පාසල් විවෘත කිරීමට සියල්ලන්ගේ සහයෝගය අවශ්‍යයි

 

පාසල් විවෘත කිරීම සඳහා සියලුදෙනාගේ ම සහයෝගය ඉතාම වැදගත් බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසදය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කළේ, ජනතාව සෞඛ්‍ය මර්ගෝපදේශ නිසිලෙස අනුගමය නොකළහොත් යළිත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි.

“පාසල් විවෘත කිරීම සඳහා සියලුදෙනාගේ ම සහයෝගය ඉතාම වැදගත්. රෝගය සමාජය තුළ පැතිර යෑමේ සීඝ්‍රතාවය මතයි කොපමණ ඉක්මනින් මේ පාසල් ශ්‍රී ලංකාව පුරාම සියලු දරුවන්ට විවෘත සිදුකරන්න පූළුවන් ද කියන එක තීරණය වෙන්නේ. අදියර වශයෙන් මේක සිදුවෙමින් පවතිනවා.

මේ තත්ත්වය තවදුරටත් පාලනය කරගත්තොත්, නව සාමාන්‍ය තත්ත්වයක් යටතේ දරුවන් පාසල් යැවීමට සියලුදෙනාගේ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ සමහර ජනතාව සෞඛ්‍ය පුරුදු භාවිතයෙන් ඈත් වෙමින් තිබෙන බව නිරීක්ෂණය වී තිබෙනවා. මෙම තත්ත්වය ඉතාම භයානක බවත් මෙම නිසා පසුගිය සිංහල අවුරුදු පොකුර මෙන් නැවත කෝවිඩ් පොකුරක් නිර්මාණය වීමේ වැඩි අවදානමක් තිබෙනවා.”

Share This