දඟ පන්දුවෙන් ‘වැඩ පෙන්නුවේ’ මෙලෙසයි – ඊයේ තරගයේ ඇස ගිය තැන් (PHOTOS)
ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති හිතකර තත්ත්වයන් ප්‍රයෝජනයට ගත් දකුණු අප්‍රිකානුවෝ දඟ පන්දු යවන්නන් මූලික කර ගනිමින් විස්සයි-20 අවසන් තරගය ද ජය ගැනීමට ඊයේ (14) රාත්‍රී සමත් වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 120 කට සීමා කළ ඔවුන් ඕවර 14.2 කදී ඉලක්කය කරා පැමිණ කඩුලු 10 ක විශිෂ්ට ජයක් ලබා ගත්තා.
ඉතාමත්ම මන්දගාමී තණතිරුවක් ලෙසින් සැළකෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී කගීසෝ රබාඩා කඩුලු 2 ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිලේ මුල් පෙළට මාරාන්තික පහරක් දුන් අතර දඟ පන්දු යවන්නන් පස්දෙනා හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ මහත් සේ අසරණ වුණා.
එම තරගයේ ලකුණු සටහන සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.