දඟ පන්දුවෙන් ‘වැඩ පෙන්නුවේ’ මෙලෙසයි – ඊයේ තරගයේ ඇස ගිය තැන් (PHOTOS)

දඟ පන්දුවෙන් ‘වැඩ පෙන්නුවේ’ මෙලෙසයි – ඊයේ තරගයේ ඇස ගිය තැන් (PHOTOS)

ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති හිතකර තත්ත්වයන් ප්‍රයෝජනයට ගත් දකුණු අප්‍රිකානුවෝ දඟ පන්දු යවන්නන් මූලික කර ගනිමින් විස්සයි-20 අවසන් තරගය ද ජය ගැනීමට ඊයේ (14) රාත්‍රී සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 120 කට සීමා කළ ඔවුන් ඕවර 14.2 කදී ඉලක්කය කරා පැමිණ කඩුලු 10 ක විශිෂ්ට ජයක් ලබා ගත්තා.

ඉතාමත්ම මන්දගාමී තණතිරුවක් ලෙසින් සැළකෙන ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී කගීසෝ රබාඩා කඩුලු 2 ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිලේ මුල් පෙළට මාරාන්තික පහරක් දුන් අතර දඟ පන්දු යවන්නන් පස්දෙනා හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවෝ මහත් සේ අසරණ වුණා.

එම තරගයේ ලකුණු සටහන සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.

 

Share This