හිතාමතා අනතුරකට ලක් කර ගැනීමට උත්සාහ කරන යාචක කණ්ඩායමක් ගැන තොරතුරු

හිතාමතා අනතුරකට ලක් කර ගැනීමට උත්සාහ කරන යාචක කණ්ඩායමක් ගැන තොරතුරු

හිතාමතා අනතුරකට ලක් කර ගැනීමට උත්සාහ කරන යාචක කණ්ඩායමක් ඔරුගොඩවත්ත, බොරැල්ල, දෙමටගොඩ හංදිය, පැලියගොඩ යන ප්‍රදේශ වල විදුලි සංඥා පුවරු අසල සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන පරිපාලන හා මහාමාර්ග ආරක්ෂාව) ඉන්දික හපුගොඩ මහතා පවසනවා

කොළඹ නගර සීමාවේ සංඥා ලාම්පු ආශ්‍රිත යාචක උවදුර පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ බොහෝ යාචකයින් සිඟමනේ යෙදුනද මෙම කණ්ඩායම ව්‍යාපාරයක් ලෙසට එය කරගෙන යන බවයි

රථ වාහන ගමන් කිරීමේ දී යම් කිසි පුද්ගලයෙකු වම් පසින් හෝ දකුණු පසින් පැමිණ අවහිර වන ලෙස කටයුතු රියදුරු ගේ ගමන නැවත්වීමට මෙම පුද්ගලයින් කටයුතු කරන අතර ඇතැම් විට රිය පදවන අවස්ථාවේ දී ධාවනය වන වාහනය ඉදිරියට පැනීමක් සිතා මතා සිදු කිරීමෙන් අනතුරක් සිදු කරගෙන වාහනයේ රියදුරන්ගෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීමට කටයුතු කරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවා

එමෙන්ම, සිඟමනේ යෙදුන ද ඔවුන් ද මනුෂ්‍යයින් වන බැවින් හිරිහැරයක් හෝ කරදරයක් සිදු කර නොහැකි නමුත් ඔවුන් දිනකට සාමාන්‍ය පුද්ගලයෙකුගේ / කම්කරුවෙකුගේ මහන්සි වී ඉපයීමට වඩා දෛනික ඉපැයීමක් සිදු කරන බවත් අනාවරණය වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, මෙවැනි පුද්ගලයින් නිසා රිය අනතුරු බොහොමයක් සිදුවන බවත්, මෙවැනි පුද්ගලයින්ට මුදල් ආධාර කිරීම නොකරන ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

Share This