තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ප්‍රහාරයක්

තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ප්‍රහාරයක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට වවුනියාව – ශාන්තසෝලෙයි ප්‍රදේශයේදී පහරදුන් පුද්ගලයෙකු සොයා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

මෙම පුද්ගලයා මුව ආවරණ නොමැතිව යතුරුපැදියකින් ඊයේ (09) දිනයේ ගමන් කර ඇති අතර, ඊට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විරෝධය පෑමත් සමඟ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ

25 හැවිරිදි තරුණයෙකු වන මොහු එම ප්‍රදේශයේම පදිංචි අයෙක් බවත් හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ

වව්නියාව පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා

 

Share This