ඩොලර් මිලියන 1.74කට අධික වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් අද දිවයිනට

ඩොලර් මිලියන 1.74කට අධික වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් අද දිවයිනට

අමෙරිකානු ඩොලර් මිලියන 1.74කට අධික වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් අද(02) මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් රුපියල් මිලියන 4600ක් (ඩොලර් මිලියන 12ක) වටිනා ඖෂධ හා වෛද්‍ය උපකරණ ලබාදීමට පියවර ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, සුප්‍රසිද්ධ අමෙරිකානු මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන සමඟ එක්ව ඖෂධ ලබාදීමට කටයුතු කර ඇති අතර මේ වන විට අවස්ථා 03කදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඖෂධ තොග එවීම සිදු කෙරුණා.

එහි අවසන් ඖෂධ තොගය හා වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකා රජය වෙත අද (02) පිරිනැමීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා ආධාර ලබාගැනීම උදෙසා මානුෂීය සංවිධාන හා නියෝජිත ආයතන සමඟ ඉදිරියටත් කටයුතු කරන බවත් මෙවර ත්‍යාගශීලී වූ Heart to Heart International, Hope Worldwide, Americares ආතනවලට කෘතඥතාව පළ කරන බවයි අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

Heart to Heart International ආයතනය විසින් ඩොලර් මිලියන 9.131ක ඖෂධ තොගයක් පසුගිය ජූලි මාසයේදී මෙරටට ලබා දුන් අතර, සැප්තැම්බර් මාසයේ Americares ආයතනය එවන ලද ආධාරවල වටිනාකම ඇ.ඩො. 773,000 ඉක්මවනවා. අද ලැබීමට නියමිත Hope Worldwide හි ආධාර තොගයේ වටිනාකම ඇ.ඩො. මිලියන 1.74කට වඩා අධික බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share This