කෘමිනාශක සහ වල්නාශක බෙදීම ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ

කෘමිනාශක සහ වල්නාශක බෙදීම ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ

මහ කන්නයේ දී වී වගාව හා අනෙකුත් වගාවන් සඳහා කෘමි නාශක හා වල් නාශක ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ ගොවි නියෝජිතයින් සහ කෘමිනාශක හා වල්නාශක සමාගම් සමග කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී බවයි.

කෘමිනාශක හා වල් නාශක ඉහළ මිල ගණන්වලට අලෙවි කරන නිසා එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරනවා.

 

Share This