කාසියට ආ චාල්ස් (PHOTOS)

කාසියට ආ චාල්ස් (PHOTOS)

චාල්ස් රජුගේ රුව සහිත නව කාසි එළිදැක්වීමට සැළසුම් කර ඇති අතර ඒ අනුව ඔහුගේ රුව රැගත් පැන්ස 50ක කාසියක් සති කිහිපයකින් සාමාන්‍ය සංසරණය සඳහා ජනතාව අතරට පැමිණෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

බ්‍රිතාන්‍ය ශිල්පීයෙකු වන මාටින් ජෙනින්ග්ස් විසින් චාල්ස් රජුගේ රූපයක් ඇතුළත් පැන්ස 50ක සහ පවුම් 5ක කාසි දෙක නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ශතවර්ෂ ගණනාවක සම්ප්‍රදාය අනුගමනය කරමින් චාල්ස් රජතුමාගේ රුව වමට මුහුණලා කාසියේ දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම කාසි ලබන සතියේ මුල සිට The Royal Mint විසින් නිකුත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

පැන්ස 50 කාසිය වසර අවසානයට පෙර භාවිතය සඳහා ගැනීමට හැකි අතර, බැංකු, සහ තැපැල් කාර්යාල මගින් ඉල්ලුමට අනුව බෙදා හරිනු ලබන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

The Royal Mint හි ප්‍රධාන විධායක ඈන් ජෙසොප් පවසා තිබෙන්නේ මෙම කාසි සාමාන්‍යයෙන් වසර 20 ක් පමණ පවතින බැවින් එළිසබෙත් රැජින සහ චාල්ස් රජු යන දෙදෙනාගේම කාසි ඉදිරි වසර ගණනාවක් එකට සංසරණය වනු ඇති බවයි.

නව පවුම් 5 කාසියේ පිටුපසින් රැජිනගේ නව පින්තූර දෙකක් පෙන්වන අත‍ර එහි දිගුකාලීන රාජ්‍ය නායකයෙකු දක්වා වූ ඇයගේ ගමන සටහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

පැන්ස 50 කාසියේ, පිටුපස ඇත්තේ රැජිනගේ රාජාභිෂේකය සැමරීම සඳහා 1953දී ඔටුන්න මත භාවිතා කරන ලද මෝස්තරයේ පිටපතක්.

 

Share This