ජපාන විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා ආගමනය

ජපාන විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා ආගමනය

ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

මැයි මස 4 සහ 5 යන දිනයන්හි එම සංචාරය සඳහා එතුමිය මෙරටට පැමිණීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජපාන විදේශ අමාත්‍යවරිය හමුවීමට නියමිතව තිබෙන අතර විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ද නිල සාකච්ඡා පැවැත්වීමට ජපාන විදේශ අමාත්‍යවරිය ඇතුළු දූත පිරිස කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම නිල සංචාරය සඳහා ජපාන විදේශ අමාත්‍යවරිය ඇතුලු ජපානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්වීමට නියමිතයි.

Share This