අංගොඩ ලොක්කාගේ සගයෙක් පොලිස් දැලේ

අංගොඩ ලොක්කාගේ සගයෙක් පොලිස් දැලේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් ‘අංගොඩ ලොක්කා’ ගේ හිතවතෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 47 හැවිරිදි එල්ලාවලගේ සරත් කුමාර නොහොත් ‘චිටී’ නැමැති සැකකරුවෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ විදේශගත වීමට උත්සාහ කරමින් සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සවිකර ඇති ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය මගින් හඳුනාගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත බව සඳහන්.

සැකකරු අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම සගයකු බවත් ඔහු අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මුල්ලේරිය පොලිසියට අවශ්‍යව සිටි අයෙකු බවත් වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

මොහු 2011 වසරේ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම වැනි තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබනවා.

Share This