සජබය මැයි රැලි දෙකකට සූදානම්

සජබය මැයි රැලි දෙකකට සූදානම්

සමගි ජන බලවේගය මෙවර මැයි රැලි දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන් එක් රැලියක් කොළඹදී පැවැත්වීමට නියමිත අතර අනෙක් රැලිය නුවරඑළියේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කර සිටියේ ප්‍රධාන රැලිය කොළඹ චැතම් විදියේ සහ අනෙක් රැලිය නුවරඑළියේ පවත්වන බවයි.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය විසින් නුවරඑළියේ රැලිය සංවිධානය කිරීමට නියමිත බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එම රැලි දෙකටම සහභාගී වන බවත් ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව වැඩිදුර අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියේ සමගි ජන බලවේගයේ මැයි දින පෙළපාලිය පස්වරු 1 ට ගුණසිංහපුරයෙන් ආරම්භ කිරීමට නියමිත බවයි.

Share This