ඉන්ධන මිලදී ගන්න ලංකාව ඉල්ලූ සහය

ඉන්ධන මිලදී ගන්න ලංකාව ඉල්ලූ සහය

ඉන්ධන මිළදී ගැනීමේදී සහනයක් සළසන්නැයි ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මහතා හමුවූ අවස්ථාවේදීයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහ්යාන් මහතා සමඟ පැවති සිය දීර්ඝකාලීන මිත්‍රත්වය සිහිපත් කළ අමාත්‍ය පීරිස් මහතා, ඉක්මනින්ම එතුමාව ශ්‍රී ලංකාවේ දී පිළිගැනීමට තමා අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා.

විවිධ කොන්දේසි සහ න්‍යාය පත්‍ර රටවල් මත පැනවීම පිළිගත නොහැකි බවටත්, සෑම ගැටලුවකටම සරිලන එක් විසඳුමක් පිළිබඳ ප්‍රතිපත්තිය මඟින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන බවටත් අමාත්‍යවරුන් දෙදෙනාම එකඟ වී තිබෙනවා.

Share This