SEE YOU අද සිට සතියේ දිනවල රාත්‍රී 9.30ට

SEE YOU අද සිට සතියේ දිනවල රාත්‍රී 9.30ට

ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන නවතම ටෙලිනාට්‍යය SEE YOU.

අද (12) සිට සතියේ දිනවල රාත්‍රී 9.30ට එය විකාශය වනවා.

නෙතුමලී නම් නිලියක් වීමේ ආශාවෙන් පසුවන සුන්දර තරුණියක් වටා ගෙතුණු කතාවකින් මෙම ටෙලිනාට්‍යය නිර්මාණය වී තිබෙනවා.

ධනුෂ්ක රත්නායක විසින් SEE YOU ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන අතර ශලනි තාරකා, රොෂාන් රණවන, දර්ශණ තවරාජා, දිනෙත් ඈපාලියන, මොරින් චාරුණි, කෞශල්‍යා ප්‍රනාන්දු, හෂිනිකා කරලියද්ද, පියුමි ශ්‍රීනායක ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් ඊට රංගනයෙන් දායක වනවා.

කුතුහලය, ප්‍රේමය, සහෝදර ප්‍රේමය මෙන්ම, සුන්දර යැයි බොහෝ සාමාන්‍ය මිනිසුන් විශ්වාස කරන කර්මාන්තයක අඳුරු අහුමුළුද පිරික්සමින් SEE YOU ඔබේ ටෙලි තිරය සරසන්නේ මනස්කාන්ත රූප සත්කාරයක් සහ අපූරු කතාන්තරයක් ඔබ වෙත ගෙන එමින්.

ඒ අනුව ත්‍රාසය, කුතුහලය විනෝදය සහිතව දිගටම ගලාගෙන ගෙන යන මේ කථාව නරඹන්න අද සිට ඔබට අවස්ථාව හිමි වෙනවා.

Share This