රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ලෝක දිනය අදයි

රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ ලෝක දිනය අදයි

සෑම වසරකම, රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ ලෝක දිනය අප්‍රේල් 28 දිනට යෙදි තිබෙනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් වෘත්තීය සුරක්ෂිතතාවය සහ සෞඛ්‍ය සම්මුතිය වෙනුවෙනුයි මෙම දිනය සම්මත කර තිබෙන්නේ.

රැකියා ස්ථානයේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සඳහා වූ මෙම වසරේ ලෝක දිනයේ තේමාව වන්නේ “දේශගුණික විපර්යාස, රැකියාවේ ආරක්ෂාව සහ සෞඛ්‍යය” යන්නයි.

දේශගුණික විපර්යාස උත්සන්න වන විට, ලොව පුරා සිටින කම්කරුවන් අධික තාපය, පාරජම්බුල කිරණ, ආන්තික කාලගුණික සිදුවීම්, වායු දූෂණය, වාහක මගින් බෝවන රෝග සහ කෘෂි රසායන වැනි උපද්‍රවයන්ට නිරාවරණය වීමේ වැඩි අවදානමක් තිබෙන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිල වෙබ් අඩවිය සඳහන් කරනවා.

Share This