මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

මහ බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අප්‍රේල් මස 30 වැනි දින රුපියල් මිලියන 130,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වන බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙහිදී දින 91 ක් කල්පිරෙන ආයතන සඳහා රුපියල් 25,000 ක වෙන්දේසි මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියම කර තිබෙන බව එම නිවේදනයේ සඳහන්.

තවද දින 182 කින් කල්පිරෙන ආයතන සඳහා රුපියල් 65,000 ක මුදලක්ද දින 364 කින් කල්පිරෙන ආයතන සඳහා රුපියල් 40,000 ක මුදලක්ද ශ්‍රී ලංකා මහ බැංකුව ගැණුම්කරුවන් සඳහා නියම කර තිබෙනවා.

2024 අප්‍රේල් මස 30 වැනි දින පෙරවරු 11 දක්වා ලංසු භාරගන්නා බවද මහ බැංකුව විසින් නිවේදනය කර තිබෙනවා.

Share This